වසර 33 කට පසු ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය පොලිස් කණ්ඩායමට..!!

March 10, 2024 - Sudarsha Warnakulasooriya

  • Popular
  • Recent
  • Rugby
  • Sinhala
  • Trending

ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව වසර 33 කට පසු හිමිකර ගැනීමට, පොලිස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ පැවති අවසන් මහ තරගයේදී හැව්ලොක් කණ්ඩායම පරාජය කරමින්.

ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී.

පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 5-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේ, පොලිස් කණ්ඩායමයි.

තරගයේ නියමිත කාලය අවසන් වනවිට ලකුණු 19 – 12 ක් ලෙස පෙරමුණ ගැනීමට, පොලිස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, පොලිස් කණ්ඩායම 1991 වසරෙන් පසු ප්‍රථම වරට මෙම රග්බි කිරුළ තමන් හිමකර ගත්තා.

ජයග්‍රාහී කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමකින්.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා පොලිස් කණ්ඩායමේ ආකාශ් මධුසංඛ.