ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ඊයේ ආරම්භ කෙරුණා..!!

December 2, 2023 - Sudarsha Warnakulasooriya

  • Popular
  • Recent
  • Rugby
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය ඊයේ ආරම්භ කෙරුණා.
කණ්ඩායම් අටක් මෙහි දී තරග වදිනවා.මාස දෙකක් පුරා තරග පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලෙස හැව්ලොක් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර තරගය හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා.

ඒ විදුලි ආලෝකය මධ්‍යයේයි.

එම තරඟයෙන් හැව්ලොක් කණ්ඩායම ලකුණු 49ට අටක් ලෙස ජය හිමිකර ගත්තා.

හැව්ලොක් කණ්ඩායමේ ලකුණු 49 ලබා ගත්තේය උත්සාහක දිනුම් හතක්, ප්‍රවර්තන හතරක් හා දඬුවම් පහර දෙකක් මගින්.