සමස්ත ලංකා පාසැල් වයස අවුරුදු 19 න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට එරාවුර් අලිගර් ජාතික පාසල සමත්වෙයි !!

December 12, 2023 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

‍සමස්ත ලංකා පාසැල් වයස අවුරුදු 19 න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට එරාවුර් අලිගර් ජාතික පාසල සමත්වුණා.

ඒ, අවසන් තරගයේ දී මරදාන සහීරා විද්යාගලය පරාජය කරමින්. අවසන් තරගය පැවැත්වුණේ, කොළඹ – සුගතදාස ක්‍රීඩාංගණයේ දී. ඊයේ උදෑසන පැවති තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් කිසිඳු ගෝලයක් වාර්තා වුයේ, නැහැ.

ඒ අනුව තරගයේ ජය පරාජය තීරණය කෙරුණේ දඬුවම් පහර මගින්. එහිදී ශූරතාව හිමි කර ගැනීමට අලිගර් ජාතික පාසල සමත් වුණා.

තරගාවලියේ දක්ෂාතම ක්‍රීඩකයා අලිගර් ජාතික පාසලේ එම්. එම් . මුනීෆර්. අවසන් තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුණා.