ස්පාඤ්ඤ කණ්ඩායම 2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනියි..!!

August 16, 2023 - Sudarsha Warnakulasooriya

  • Football
  • Recent
  • Sinhala

ස්පාඤ්ඤ කණ්ඩායම 2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ, ස්වීඩනයට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගය ගෝල 2ට 1ක් ලෙස ජය ගනිමින්.

නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී පැවැති තරගයේ පළමු අර්ධයෙදී දෙපිලෙන්ම ගෝල වාර්තා වුණේ නැහැ.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හෙට පැවැත්වීමට නියමිතයි.

2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.