ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි..!!

September 11, 2023 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, පසුගියදා පැවති කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තර‍ගයේ ජයග්‍රහණයෙන් පසුව, ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවක සිපගැනීම සම්බන්ධයෙන් ඇති වූ මතභේද හේතුවෙන්.

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාව මෙවර හිමිකර ගත්තේ, ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමයි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය අවස්ථාවේ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රුබියාලේස් විසින් තම කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන ජෙනී හෙර්මෝසොගේ දෙතොල් සිපගැනීම සම්බන්ධයෙන් ඔහුට දැඩි ලෙස චෝදනා එල්ල වුණා.

මේ හේතුවෙන් ඔහු දැරූ සභාපති තනතුර මෙන්ම යුරෝපා ලීග් පාපන්දු කමිටුවේ උප සභාපති ධුරයෙන් ද ඉවත් වීමට සිදුවුණා.

මේ සම්බන්ධයෙන් එම ක්‍රීඩිකාව ඔහුට විරුද්ධව නඩුවක් ද නීතිමය පියවර ද ගෙන තිබෙනවා.