සුපිරි තරඟයකින් පසු Gujarat Titans පරාජය කරමින් Delhi Capitals කණ්ඩායමට ලකුණු 04 ක තියුණු ජයක්..!!

April 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

2024 IPL තරගමාලාවේ 40 වන තරගය ඊයේ දිල්ලි හිදී පැවැත්වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතරයි.

කාසියේ වාසිය දිනූ ගුජරාටය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලා.

ඒ අනුව දිල්ලි කණ්ඩායම ලකුණු කඩුලු 4 ක් දැවී 224ක් ලබා ගත්තා.

නායක රිෂාබ් පන්ට් ලකුණු 88යි. සන්දීප් වොරියර් කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 225ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් ක්‍රීඩකයන්ට තියුණු සටනකින් පසුව පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 220ක් පමණයි.

සායි සුදර්ශන් ලකුණු 65යි. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 2ට ලකුණු 11ක් අවශ්‍යව තිබූ මොහොතේ පිටියේ රැඳී සිටි රෂීඩ් ඛාන් 19 වන ඕවරයේ 5 වන පන්දුවට හයේ පහරක් කලා.

නමුත් අවසන් පන්දුවට රෂීඩ්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වුනා. රසික් සලාම් කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 4ක තියුණු ජයක් දිල්ලි කණ්ඩායමට හිමි වුනා.

තරග 40ක් අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි වී තිබෙනවා. කල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රබාද් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් පිළිවෙලින් දෙවන තෙවන සහ සිව්වන ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

‍රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව සිටිනවා.