2023 වසරේ අයි.සී.සී එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට..!!

January 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Popular
  • Recent
  • Sinhala
  • Trending
  • Women's Cricket

2023 වසරේ අයි.සී.සී එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තුට හිමි තිබෙනවා.

ඒ පසුගිය වසරේදී එක් දින ක්‍රිකට් පිටියේ ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

චමරි පසුගිය වසරේදී එක් දින තරග 8කදී ලකුණු 415ක් රැස් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගියද් ප්‍රකාශයට පත් කළ 2023 වසරේ එක්දින සහ 20/20 කණ්ඩායම් වල නායකත්වයද චමරි අතපත්තුට හිමිව තිබුණා.