2024 IPL තරගාවලියේ 36 වන තරගය RCB ට එරෙහිව එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට KKR කණ්ඩායම සමත්වෙයි..!!

April 21, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

2024 IPL තරගාවලියේ 36 වන තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කරන්නට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුනා. ඔවුන් අද තරග වැදුනේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගයි.

කොල්කටාහි ඊඩන් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 222යි. ශ්‍රෙයාස් අයියර් ලකුණු 50යි. යෂ් දයාල් සහ කැමරන් ග්‍රීන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු 223 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බැංගලෝර් ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි. විල් ජැක්ස් ලකුණු 55යි.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේදී කඩුලු 2ක් අතැතිව සිටි බැංගලෝර් කණ්ඩායමට ලකුණු 21ක් අවශ්‍යව තිබුණා.

මිචෙල් ස්ටාක් ක්‍රියාත්මක කළ අවසන් පන්දු වාරයේ ප්‍රථම පන්දු 4ටම පිට පිට 6 පහරවල් 3ක් එල්ල කළ ඛාන් ශර්මා බැංගලෝරයට ජයග්‍රහණයේ සිහිනය පෙන්වූ නමුත් පස්වන පන්දුවට දැවී ගියා.

අවසන් පන්දුවට එක් කඩුල්ලක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු තුනක් අවශ්‍යව තිබූ නමුත් දෙවන ලකුණ සඳහා දිව ගිය ලොකී ෆර්ගසන් දුවද්දී දැවී ගියා.

තරගයේ වීරයා පිත්තෙන් ලකුණු 27ක් සහ පන්දුවෙන් කඩුලු 3ක් දවා ගත් ඇන්ඩ්‍රි රසල්.