2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයකු ලෙස ICC ය විසින් මලල ක්‍රීඩක උසේන් බෝල්ට් නම් කරයි..!!

April 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකා එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙවු දූපත් වල දී පැවැත්වෙනවා.

2024 ජුනි 1 සිට 29 දක්වා පැවැත්වෙන තරගාවලියේ සන්නාම තානාපති වරයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් මලල ක්‍රීඩක උසේන් බෝල්ට් තෝරාගෙන තිබෙනවා.

ලොව පුරා දහස් සංඛ්‍යාත ක්‍රිකට් ලොලීන් දිරිමත් කරන සන්දර්ශන සමය ආරම්භ වීමට තවත් ඇත්තේ නොබෝ දිනක්.

ඔලිම්පික් තරගාවලි තුනකදී (2008,2012,2016) මීටර් 100 සහ මීටර් 200 ඉසව් වලින් අඛන්ඩව රන් පදක්කම් දිනූ ලොව එකම තරගකරුවා වන්නේ උසේන් බෝල්ට්.

මීටර් 100 ඉසව්වක බෝල්ට් වාර්තා කළ වේගවත්ම කාලය තත්පර 9.58ක්. ඒ 2009 වසරේ බර්ලින් ලෝක ශුරතා තරගාවලියේදීයි. එමෙන්ම එය වත්මන් ලෝක වාර්තාවද වනවා. මීට අමතරව එහි ඔලිම්පික් වාර්තාවද (තත්පර 9.63 ) බෝල්ට් විසින්ම 2012 වසරේ ලන්ඩන් හිදී පිහිටුවනු ලැබුවා.

2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉතිහාසගත කළ බෝල්ට් පිට පිට ක්‍රීඩා තුනකදී (100m, 200m, 4x100m)රන් පදක්කම් ත්‍රිත්වයක් ලබා ගනිමින් ලෝකයේම අවධානය වඩ වඩාත් දිනා ගත්තා. එමෙන්ම මෙම තරග තුනේම වත්මන් ලෝක වාර්තාවට හිමි කම් කියන්නේද බෝල්ට් විසිනුයි.

“මගේ හදවතේ ක්‍රීඩාවට විශේෂ තැනක් මම දෙනවා, කොදෙව්වන් ක්‍රීඩා කරන තරග නැරඹීමට පැමිණ ඔවුන් දිරිමත් කරමින් ජගත් කෙළි බිමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට දායක වනවා.” යනුවෙන් පසුගිය දිනක මෙම විශිෂ්ට ක්‍රීඩකයා මාධ්‍යට පවසා තිබුණා.