ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන් ඇත්තේ මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිව් තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන්.
ඊයේ දින ධරම්සාලා හී පැවතුණු දිල්ලි කැපිටල්ස් හා පන්ජාබ් කිංග්ස් අතර තරගය අතර මැදදී අතහැර දැමූ පසු ධරම්සාලා හා ඒ අවට ගුවන්තොටුපලවල් වසා දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට දිල්ලි බලා ඒමට සිදුව ඇත්තේද විශේෂ දුම්‍රියකිනි.
2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ දක්වා තරග 58ක් පවත්වා ඇති අතර තවත් පළමු වටයේ තරග 12ක් ඉතිරිව තිබේ.