ඊයේ දින පැවති මුම්බායි ඉන්ඩියන්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර පැවති තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට ගුජරාට් ටයිටන්ස් සමත් වුණා. ඒ ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යායට අනුවයි.
මුලින්ම පන්දුවට පහරදුන් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම නියමොත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබාගත්තා.
විටින් විට ඇති වූ වර්ශාව නිසා ගුජරාට් ඉනිම පන්දුවාර 19ට සීමාවුණා.
තරගය දෙවන වර නතර කළ පසු ගුජරාට් කණ්ඩායමට එක් පන්දුවාරයකට ලකුණු 15ක ඉලක්කයක් ලබාදුන්නා.
අවසන් පන්දුවාරයේදී පන්දුවාර ප්‍රමාද කොට යැවීම හේතුවෙන් යාර 30 සීමාවෙන් පිටත් ක්‍රීඩකයන් රැඳවීමට හැකිවුණේ සිව් දෙනෙක් පමණයි.
ඒ වන විට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කඩුලු 7ක් දැවී ගොස් තිබුණු අතර පන්දුවට පහරදෙමින් සිටියේ රාවුල් තෙවාතියා සමග ජෙරල්ඩ් කොඑට්සියර් යි.
පන්දු 5ක් තුළ ලකුණු 14ක් ලබාගෙන සිටියදී අවසන් පන්දුවට එක් ලකුණුක් ලබාගැනීමට යාමේදී දුවද්දී දැවී යෑමට අවසථාවක්ද තිබුණු අතර මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් කඩුල්ල අසල රැඳී නොසිටි නිසා එම අවස්ථාව මගහැරී ගියා.
ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 3කින් ජයග්‍රහණය කළා. තරගයේ වීරයා නායක ශුබ්මාන් ගිල්.
ලකුණු පුවරුව

