ඊයේ දින පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
මුලින් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 101ට දවාගැනීමට බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුණා. එහිදී සුයාෂ් ශර්මා හා ජොස් හේසල්වූඩ් කඩුලු 3 බැගින් දවාගත් අතර යශ් දයාල් කඩුලු 2ක් දවාගත්තා.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ මාකස් ස්ටොයිනිස්. ඒ ලකුණු 26යි.
ලකුණු 102ක පහසු ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
ෆිල් සෝල්ට් නොදැවී ලකුණු 56යි.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තවත් තරගයක් ඉතිරිව ඇත. ඒ අද දින පැවතීමට නියමිත මුම්බායි ඉන්ඩියන්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගයි.