2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට, අනූශූරයින්ට හා සෙසු ස්ථාන දිනා ගත් රටවල් වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන දකුණු අප්‍රිකා – ඔස්ට්‍රේලියා අවසන් මහා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතයි.
අනු ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට මෙවර ඩොලර් මිලියන 2.16 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා.
මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හයවන ස්ථානය හිමි කරගත් අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් 840,000 ක ත්‍යාග මුදලක් හිමි වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 ක පමණ අගයක් වන බවයි සඳහන් වන්නේ.