ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.
බංග්ලාදේශය තම පළමු ඉනිමට ලකුණු 495 ක් රැස් කලා.
ඊට පිලිතුරු ලෙස තම පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව අද
දිනයේ දිවා ආහාරය වනවිට පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 465ක් ලබා සිටිනවා.
කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටි අතර, මිලාන් රත්නායක නොදැවී ලකුණු 38යි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල පැතුම් නිස්සංක තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසු කිරීමට ඊයේ සමත් වුණා.
ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වැනි ශතකය වාර්තා කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 187ක්.