කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු ජය මෙයයි.
තරගාවලියේ තෙවන තරගය දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී පළමුම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 235 ක් රැස්කිරීමට සමත් වුණා.
ඇන්රි ඩෙක්සන් ලකුණු 61 යි.
පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුලු 4 ක් සහ දෙව්මි විහංගා කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව පන්දු වාර 46 යි පන්දු 3 කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී ලකුණු 237 ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා.
ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී කඩයිම කරා රැගෙන ගිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු 77ක් හා කවීෂා දිල්හාරි ලකුණු 61 ක් රැස් කිරීමට සමත් වුණා.
හසිනි පෙරේරා ලකුණු 42 යි.