MCA G කොටසේ ඕවර් 25 ලීග් ක්‍රිකට් තරඟාවලිය 14 වන වරටත් පැපැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තරග වල වර්තමාන තත්ත්වය සහ අනුග්‍රාහකින් හඳුන්වාදීම මෙම මාධ්‍ය දැනුවත් කිරීම වෙළෙඳ සේවා ක්‍රිකට් සමාජයේදී පැවැත්වුණා.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 50 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වදිනවා.
අදියර දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී මූලික අධිරයේ තරග 148 පැවැත්වෙනවා.
තරගාවලිය අවසන් වන්නේ පිළිමලුන් පිටුදැකීමේ තරග 15කින්.
අවසන් මහා තරග ජූලි මස පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සඳහා අනුග්‍රහක දායකත්වය සපයන්නේ ස්ටැෆර්ට් මෝටර්ස් වෙතින්.
අනුග්‍රහක චෙක්පත් පිරිනැමීමද මෙහිදී සිදුවුණා.
මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට MCA උපසභාපතින්ම ෂෙරෝන් ගුණතිලක,
ස්ටෆර්ට් මෝටර්ස් ආයතනය වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂකවරයකු වන කපිල ගුණතිලක මහතාද එක්වුණා.