බ්‍රහස්පතින්දා, ජූලි 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
    දසුන් ශානක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන දිනය නිමාවන විට කොදෙව් කණ්ඩායම නැවතත් හිස ඔසවයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියාව හත්වන වරටත් කාන්තා T20 ලෝක ශූරියන් වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
    මොරොක්කෝව හා හා ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ආජන්ටිනාව, කොලොම්බියාව හා ඊජිප්තුව 16 දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය හා මෙක්සිකෝව අවසන් 16 දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බදුල්ල ‘ක්‍රීඩා නගරයක්’ ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පුවත්

බදුල්ල ‘ක්‍රීඩා නගරයක්’ ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්

By Pradeep Gurusinghe
Published: ජූලි 9, 2026
බෙදාගන්න

බදුල්ල ‘ක්‍රීඩා නගරයක්’ ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්; “අඩුපාඩු හදලා බදුල්ලේ ක්‍රීඩාව දියුණු කරන්න පියවර ගන්නවා” – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින්, එය පූර්ණ ක්‍රීඩා නගරයක් ලෙස මෙන්ම නවීන ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික සාකච්ඡා සහ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 07 වනදා බදුල්ලේදී පැවැත්විණි.

බදුල්ල ක්‍රීඩාංගනය පියවරෙන් පියවර (අදියර වශයෙන්) නවීන ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ලබන වසරේ සිට බදුල්ල ප්‍රදේශයේ පාපන්දු (Football) සහ රග්බි (Rugby) ක්‍රීඩාංගන කඩිනමින් දියුණු කිරීම කෙරෙහි ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇත.

තවද, දැනට පවතින කසළ අංගනය ඉවත් කර ගෘහස්ථ ක්‍රීඩා (Indoor Sports) සඳහා භාවිතා කළ හැකි පරිදි සංවර්ධනය කිරීමටත්, බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරඟ පැවැත්වීමට පහසු වන ආකාරයේ මැද තණතීරුවක් (Center Pitch) සකස් කිරීමටත් අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මෙම සංචාරයේදී ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිස වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය, බදුල්ල පාපන්දු ක්‍රීඩාංගනය, බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය, පැසිපන්දු (Basketball) ක්‍රීඩාංගනය සහ බදුල්ල පිහිනුම් තටාකය යන ස්ථාන විශේෂ නිරීක්ෂණයකට ලක් කළහ.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ පැවසීය:

“බදුල්ල නගරයේ තියෙන ප්‍රධාන ක්‍රීඩාංගනයේ පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට අද අපි මෙහි පැමිණියා. මෙහි විශාල අඩුපාඩු ප්‍රමාණයක් පවතින බව අපිට පෙනී ගියා. ඒ අනුව, බදුල්ල නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු නිලධාරීන් සියලු දෙනා සමඟ එකතු වෙලා, මේ අඩුපාඩු සකස් කරමින් බදුල්ලට හොඳ ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමට අපි සැලසුම් කරනවා. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර කිහිපයක් මේ වසරේදීම ගැනීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.”

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ යන මහත්වරුන් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, නගර සභා නිලධාරීන් මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පෙර ලිපිය කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තීරණාත්මක තරගය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 T20 ලෝක කුසලානය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නෙදර්ලන්තයට එරෙහි දෙවන 20-20 තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නැමීබියාව 2026 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?