අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායමට

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ ඊයේ පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී.

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට ලකුණු තත්වය දැක්වුණේ 14 – 10 ලෙස යුධහමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්.

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාව තවත් ලකුණු 7ක් රැස් කළ අතර, යුධ හමුදාව ලකුණු 3ක් රැස් කළා.

ඒ අනුව තරගය අවසන් වුණේ ලකුණු 17 – 14 ලෙස ගුවන් හමුදාවට ජය හිමි කර දෙමින්.

ගුවන් හමුදාව ලකුණු රැස් කළේ ගෝල දිනුම් 2 ක් සහ හා දඩුවම් පහරක් මගින්.

අදහසක් දක්වන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *