ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් තරග 4ක් පැවැත්වුණා.
මෙම තරග වලින් ජය වාර්තා කලේ රාජකීය විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ සහිරා විද්‍යාලයයි.
රාජකීය විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය රාජකීය විදුහල් පිටියේ දී තරග වැදුණා.
එහිදී ලකුණු 74ට 15ක් ලෙසින් ජයග්‍රහණය හිමිවුණේ රාජකීය විද්‍යාලයට.
ත්‍රිත්ව විද්‍යාලය සහ සුමංගල විද්‍යාලය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී තරග වැදුනා.
ඉන් ලකුණු 49 ට 15 ක් ලෙස ජය වාර්තා කලේ ත්‍රිත්ව විද්‍යාලයයි.
ඩී.එස් සේනානායක විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය නිත්තවෙල ක්‍රීඩාංගනයේදී තරග වැදුණා
ලකුණු 26ට 19ක් ලෙසින් තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට ඩී එස් ක්‍රීඩකයින් සමත් වුණා.
මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 56ට 19ක් ලෙසින් ජයග්‍රහණය හිමිකරගත්තේ සහිරා විද්‍යාලයයි.
තරගය පැවැත්වුණේ සහිරා ක්‍රීඩාංගණයේදී.