ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මහ නුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.
ඒ අර්ධ අවසන් පූර්ව තරඟයකදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල පරාජය කරමින්.
තරගය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් ක්‍රිඩා පිටියේදී.
මෙහිදී ත්‍රිත්ව විද්‍යාලය ජය ගත්තේ ලකුණු 24 ට 15ක් ලෙසයි.
ත්‍රිත්ව විදුහල ලකුණු 24 ලබා ගත්තේ ගෝල දිනුම් තුනක් සහ දඬුවම් පහර එකක් මගින්.