ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට බෙලරුසයේ ආර්යා සබලෙන්කා සහ අමෙරිකාවේ කොකො ගවුෆ් සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් පූර්ව වටයේ තරගවලින් ජය හිමි කර ගනිමින්.
බෙලරුසයේ ආර්යා සබලෙන්කා, අවසන් පූර්ව වටයට තරග වැදුණේ, පෝලන්තයේ ඉගා ස්වටෙක් සමගයි.
එහිදී, සෙබලෙන්කා තරගයේ ජය වාර්තා කළේ, වට 2 ට 1 ක් ලෙසින්. තරගයේ පළමු වටය ලකුණු 7 ට 6 ක් ලෙස ජය ගැනීමට සෙබලෙන්කා සමත් වුණා.
නමුත්, පෝලන්තයේ ඉගා ස්වටෙක් දෙවැනි වටය ජය ගත්තේ, ලකුණු 6 ට 4 ක් ලෙසින්.
තීරණාත්මක තෙවැනි වටය ආර්යා සබලෙන්කා ලකුණු 6 ට බින්දුවක් ලෙස පහසු ජයක් වාර්තා කරමින්, තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.