වයස අවුරුදු 22 න් පහළ ආසියානු බොක්සිං තරගාවලියේ තරග පැවැත්වෙන 7 වැනි දිනය වන අද, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතයි. ඊයේ පැවති මූලික තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක වුණේ නැහැ.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වෙනවා. ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු තරගබිමට පිවිසියා. නමුත්, කිසිවෙකුට මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූණේ නැහැ.
කිලෝග්රෑම් 57 බර පන්තියෙන් තරග බිමට පිවිසි අරවින්ද හංසජිත් කසස්තාන ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වුණා.
කිලෝග්රෑම් 48 බර පන්තියෙන් තරග බිමට පිවිසියේ සත්සර චතුමිණ ක්‍රීඩකයායි. ඔහු කසස්තාන ක්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත් වුණා.
පවනි කවීෂා තරගවැදුණේ, කිලෝග්රෑම් 48 බර පන්තියෙන්. ඇය ඉන්දීය ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට පත් වුණා.
කිලෝග්රෑම් 52 බර පන්තියෙන් තරගවැදුණු සබ්‍රිනා රහීම් පරාජයට පත් වුණේ කසස්තාන ක්‍රීඩිකාවක් හමුවේ.
ආසියානු වයස අවුරුදු 22 න් පහළ බොක්සිං තරගාවලිය ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.