වයස අවුරුදු 16 න් පහළ දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් මාලදිවයින පරදා ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා බාලක කණ්ඩායම සමත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ මාලදිවයිනේදි.
තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වුණා. ඔවුන් පළමු අර්ධයේදි රැස් කළ ලකුණු සංඛ්‍යාව 66 ක්.
ප්‍රතිවාදී මාලවයින එම අර්ධයේදි ලබාගත්තේ ලකුණූ 16 ක් පමණයි. දෙවැනි අර්ධයේදි ශ්‍රී ලංකාව තවත් ලකුණු 50 ක් ලබාගත්තා.
එහිදි මාලදිවයින ලබාගත් ලකුණු සංඛ්‍යාව 12 ක්. ඒ අනුව, ලකුණු 116 ට 28 ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ජෙරල්ඩ් ඒරන් ලකුණු 34 ක් ලබාගත්තා.