මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රසාරා විජේසූරිය අද සමත් වුණා.
ඒ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී.
තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ගුමි නගරයේදී.
මීටර 10 000 කාන්තා ධාවන ඉසව්ව ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් එය අතරමග නතර කෙරුණා.
අද එම තරගය යලි පැවති අතර රසාරා විජේසූරිය තරගය නිමා කලේ 7 වැන්නා ලෙසයි.
ඒ මිනිත්තු 33.21. 62 ක කාලයක් වාර්තා කරමින්.
එය නව ශ්‍රී ලංකා වාර්තාවක්.
මීට පෙර එම වාර්තාව සටහන් වුණේ මිනිත්තු 33.39.60 ක් ලෙසයි.
මේ අතර මීටර් 400 පිරිමි සහාය ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සමත් වුණා.
ඒ දෙවැනි මූලික තරගයේ පළමු ස්තානය හිමි කර ගනිමින්.
තරගය නිම කිරීම සදහා ශ්‍රී ලංකාව ගත කල කාලය මිනිත්තු 03. තත්පර 7 යි දශම 66 ක්.