සෙනසුරාදා, නොවැ. 15, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි
    කියවීමට මිනිත්තු 3 යි
    පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ක්‍රිකට් වංශ කතාවේ කිසිදා මතකයෙන් නොමැකෙන තරග 10
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
විශේෂාංග ලිපි

ක්‍රිකට් වංශ කතාවේ කිසිදා මතකයෙන් නොමැකෙන තරග 10

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 16, 2025
බෙදාගන්න

ක්‍රිකට් ආරම්භයේ සිටම වසර ගණනාවක් පුරාවට අපට කිසිදා අමතක නොවන තරග ‍රාශියක් අපේ මතකයේ ඇත.
ඇදහිය නොහැකි නැවත පැමිණීම්, දරුණු එදිරිවාදී කම් හා තනි ක්‍රීඩකයන්ගේ දක්ශතා වැනි දේ නිසා මේ තරග අපගේ හදවත් තුළ කිසිදා නොමැකෙන ලෙස කිඳා බැස ඇත.

Contents
  • 2. 2005 Ashes 2nd Test – England vs Australia
  • 3. 2019 World Cup Final – England vs New Zealand
  • 4. 2001 Kolkata Test – India vs Australia
  • 5. 1999 World Cup Semi-Final – Australia vs South Africa
  • 6. 2011 World Cup Final – India vs Sri Lanka
  • 7. 1975 World Cup Final – West Indies vs Australia
  • 8. 2016 T20 World Cup Final – West Indies vs England
  • 9. 1996 World Cup Semi-Final – India vs Sri Lanka
  • 10. 2007 T20 World Cup Final – India vs Pakistan

ක්‍රිකට් ඉතිහාසයේ අපට හමුවන එවැනි ක්‍රිකට් තරග වල හොඳම තරග 10 අපි මෙම ලිපියෙන් ඔබවෙත ගෙන එනවා.

1. 1983 World Cup Final – India vs West Indies

📍 ස්ථානය: එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණය
🏆 වැදගත්කම: දුර්වල කණ්ඩායමක්ව සිටි ඉන්දියාවේ පුදුම සහගත ජයග්‍රහණය.

1983 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රභල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්කරමින්, ඉන්දියාව ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළා. කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ලකුණු 183ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් රැකගනිමින් කොදෙව් කණ්ඩායම ලකුණු 140ට සීමා කළා. මෙම ජයග්‍රහණය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනස්ම තලයකට ඔසවා තැබුවා.

2. 2005 Ashes 2nd Test – England vs Australia

📍 ස්ථානය: එංගලන්තයේ එජ්බැස්ටන් නුවර
🏆 වැදගත්කම: අළු බඳුන තරගාවලියේ තියුණුම අවසානයන්ගෙන් යුත් තරගයක්.

එංගලන්තය මෙම තරගය ජයග්‍රහණයේ කළේ ලකුණු 2කිනි. ඔස්ට්‍රේලියාවේ අවසාන කඩුල්ල වෙනුවෙන් බ්‍රෙට් ලී සමගින් මයිකල් කැස්ප්‍රොවිච් තරගයේ ජයග්‍රහණය එංගලන්තයෙන් උදුරා ගනිමින් සිටියා. ජයග්‍රහණයට ලකුණු 2ක් තිබියදී අවසන් කඩුල්ල ස්ටීව් හාමිසන් විසින් අවසන් කඩුල්ල ලබාගත්තා.

3. 2019 World Cup Final – England vs New Zealand

📍 ස්ථානය: එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණය
🏆 වැදගත්කම: ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ චමත්කාරජනකම අවසන් මහා තරගය

මෙම අවසන් මහා තරගය සම වූ පසු එලඹෙන සුපිරි පන්දුවාරයද සම වුණා. ඉන් පසුව වැඩිම හයේ හතරේ පහරවල් ප්‍රමාණයක් එල්ල කළ කණ්ඩායම වූ එංගලන්තයට සිය මංගල ලෝක කුසලාන ජය ලැබුණා.

4. 2001 Kolkata Test – India vs Australia

📍 ස්ථානය: ඉන්දියාවේ ඊඩ්න් ගාර්ඩ්න්
🏆 වැදගත්කම: ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම නැවත පැමිණීම

ඉන්දියානු පළමු ඉනිම ලකුණු 171ට දැවී ගිය පසු දෙවන ඉනිම සඳහා නැවත පිතිකරණයට පැමිණි වී.වී.එස්. ලක්ෂ්මන් (281) හා රාහුල් ඩ්‍රාවිඩ් (180) දවස පුරා පන්දුවට පහර දී ඉන්දියාවට ඓතිහාසික ජයග්‍රහණයක් කරා මෙහෙයවූවා.

5. 1999 World Cup Semi-Final – Australia vs South Africa

📍 ස්ථානය: එංගලන්තයේ එජ්බැස්ටන් නුවර
🏆 වැදගත්කම: වඩාත්ම හද කම්පා කරවන තරග සම වීම.

දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා එක් ලකුණුක් පමණක් තිබියදී ලාන්ස් ක්ලූස්නර් හා ඇලන් ඩොනල්ඩ් ගේ නොසැලකිලිමත් කඩුලු අතර දිව යෑම නිසා දුවද්දී දැවීයාමට ලක්වුණා. තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර පළමු වටයේ තරගවල දක්ෂතාවලට අනුව ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

6. 2011 World Cup Final – India vs Sri Lanka

📍 ස්ථානය: ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණය
🏆 වැදගත්කම: ඉන්දියාව මව්බිමේදී ලැබූ ඓතිහාසිකම ජය

ඉන්දියාවට වසර 28කට පසු දෙවන ලෝක කුසලාන ජය ලබා ගැනීම සඳහා නොදැවී ලකුණු 91ක් ලබා සිටී එම්.එස්. දෝනිගේ අවසාන හයේ පහර ඉවහල් වුණා. ගෞතම් ගම්භීර් ගේ ලකුණු 97 සමග ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 275ක් හඹායෑමට ඔවුන්ට හැකිවුණා.

7. 1975 World Cup Final – West Indies vs Australia

📍 ස්ථානය: එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණය
🏆 වැදගත්කම: පළමු ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය

නායක ක්ලයිව් ලොයිඩ් ගේ ශතකය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පළමු ලෝක කුසලාන කිරුළ දිනා දුන්නා. ඕස්ට්‍රේලියාව තියුණු තරගයක් ලබා දුන්නත් කොදෙව් කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හා පන්දු රැකීම මෙම ඓතිහාසික ජයග්‍රහණය ඔවුන්ට ගෙන ආවා.

8. 2016 T20 World Cup Final – West Indies vs England

📍 ස්ථානය: ඉන්දියාවේ කොල්කටා
🏆 වැදගත්කම: කාර්ලෝස් බ්‍රැත්වේට් අවසන් පන්දුවාරයේදී පිට පිට එල්ල කළ හයේ පහර හතර

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 19ක් අවශ්‍ය වුණා. බෙන්ස්ටෝක් යැවූ අවසන් පන්දුවාරයේ පළමු පන්දු හතරටම හයේ පහර හතරක් ගැසූ කාර්ලෝස් බ්‍රැත්වේට් ලෝක කුසලාන ජයග්‍රහණය කොදෙව්වන්නට ලබා දුන්නා.

9. 1996 World Cup Semi-Final – India vs Sri Lanka

📍 ස්ථානය: ඉන්දියාවේ ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණය
🏆 වැදගත්කම: හද කම්පා වූ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 251 හඹායෑමේදී ඉන්දීය ඉනිමේ කඩාවැටීම නිසා කුපිත වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකාගාරයේ කෝලහාලයක් ඇතිකළා. ඉන් පසු තරගය නතර කළ අතර ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවුණා.

10. 2007 T20 World Cup Final – India vs Pakistan

📍 ස්ථානය: දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්
🏆 වැදගත්කම: වඩාත්ම තියුණු ඉන්දීය පකිස්තාන් අවසන් මහා තරගය

ක්‍රිකට් ඉතිහාසයේ පළමු විස්සයි විස්ස ලෝක කුසාලාන අවසන් මහා තරගය ඓතිහාසික පසමිතුරන් වූ ඉන්දියාව හා පකිස්තානය අතර පැවැත්වුණා. අවසන් පන්දුවාරයේදී පකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍ය වුණා. අවසන් පන්දුවාරයේ දී ජොගීන්දර් ශර්මා මිස්බා උල් හක්ගේ කඩුල්ල දවාගෙන ඉන්දීයාවට පළමු විස්සයි විස්ස කිරුල දිනා දුන්නා.

පෙර ලිපිය ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට තරග තහනමක්
Next Article Chamari Atapattu නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම්කරයි
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?