අයර්ලන්තය හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අද අවසන් වූ අතර එම තරගයෙන් ලකුණු 217ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් වුණා. තරගය පැවැත්වුණේ මිර්පූර් හීදි යි.
මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පලමු ඉණිමට ලකුණු 476ක් ලබාගත්තා. බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් (106) හා ලිටන් දාස් (128) ශතක ලබාගත්තා. පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ඇන්ඩි මැක්බ්‍රයින් කඩුලු 6ක් දවාගත්තා.
අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 265ට සීමා වුණා. ලෝකන් ටකර් නොදැවී ලකුණු 75ක් ලබාගත් අතර ජෝඩන් නේල් ලකුණු 49ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.
ඒ අනුව බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමිනුයි. දෙවනි ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය කඩුලු 4ට ලකුණු 297ක් ලබාසිටියදී ඉනිම අත්හිටවූවා.
ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 508ක දැවැන්ත අභියෝගයක් බංග්ලාදේශ කණ්ඩායම විසින් ලබාදුන්නා. තරගයේ පස්වන දිනයේ දෙවන සැසිය අතරතුරදී අයර්ලන්ත කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 291ට දවාගැනීමට බංග්ලාදේශ පන්දුයවන්නන් සමත් වුණා.
අයර්ලන්තය වෙනුවෙන් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ කර්ටිස් කැම්ෆර් නොදැවී ලකුණු 71ක් ලබාගත් අතර හැරී ටෙක්ටර් ලකුණු 50ක් ලබාගත්තා. කඩුලු ලබාගැනීමේදී ටයිජුල් ඉස්ලාම් හා හසන් මුරාද් කඩුලු 4 බැගින් දවාගත්තා.
ඒ අනුව මෙම තරගය ලකුණු 217කින් ජයගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
මෙම තරගයේ වීරයා ලෙස මුෂ්ෆිකර් රහීම් නම් වූ අතර තරගාවලියේ වීරයා වූයේ ටයිජුල් ඉස්ලාම්.