සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව සිය හොදම ටෙස්ට් ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව සිය හොදම ටෙස්ට් ජය ලබයි

By Pradeep Gurusinghe
Published: ජූනි 8, 2026
©Associated Press
බෙදාගන්න

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 300ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. තරගය අවසන් වූයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 8ට ලකුණු 564ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.

ආරම්භක පිතිකරු කේ එල් රාහුල් ලකුණු 100ක් හා නායක ශුබ්මාන් ගිල් ලකුණු 126ක් ලබාගත් අතර රිෂාබ් පන්ට් ලකුණු 81ක් හා වොෂිංටන් සුන්දර් නොදැවී ලකුණු 52ක් ලබාගත්තා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් මොහොමඩ් සලීම් කඩුලු 6ක් ලබාගත් අතර හෂ්මතුල්ලා ශහීඩි සමග සිවුර් රෙහ්මාන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස්කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 152ක් පමණ‍යි. එම ඉනිමට රහ්මත් ෂා ලකුණු 60ක් ලබාගත්තා.

ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 412ක් පසු පසින් සිටි ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට සිය දෙවනි ඉනිම සඳහා ද ඉන්දීය කණ්ඩායමෙන් ඇරයුම් ලැබුණා.

ඒ අනුව සිය දෙවනි ඉනිම ආරම්භ කළ ඇෆ්ගන් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 112ට දැවී ගිය අතර ඔවුන්ට ඉනිමක හා ලකුණු 300ක පරාජයක් අත්වුණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩක මානව් සුතාර් ලකුණු 22ට කඩුලු 6ක් දවාගත් අතර ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 37ට කඩුලු 3ක් දවාගත් අතර ඇෆ්ගන් දෙවනි ඉනිමේ කඩුලු 4ක් වොෂිංටන් සුන්දර් දවාගත් අතර කුල්දීප් යාදව් කඩුලු 3ක් හා මානව් සුතාර් එක් කඩුල්ලක් දවාගත්තා.

මෙම ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම් ටෙස්ට් තරගයක ලැබූ හොදම ජයග්‍රහණය ලෙස සටහන් වූ අතර තරගයේ වීරයා ලෙස සිය පලමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ මානව් සුතාර් හට හිමි වුණා.

පෙර ලිපිය කොදෙව්වන්ට එරෙහි දෙවන එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දමයි
Next Article 23න් වසරකට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරගාවලි ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දැවැන්ත හඹායාමකින් පසුව ඉන්දියාව අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි
Rohit Sharma
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් පිට පිට තුන්වන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?