මාස්ටර්ස් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 6 කට ලකුණු 180 ක් රැස් කලා.
හශීම් අම්ලා ලකුණු 76 යි.
පන්දු යැවීමේදී ඉසුරු උදාන සහ චතුරංග ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
පිලිතුරු ලෙස ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 17.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 183 ක් රැස් කරමින්.
අසේල ගුණරත්න නොදැවී ලකුණු 59 ක් සහ චින්තක ජයසිංහ නොදැවී ලකුණු 51 ක් රැස් කලා.