සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු අප්‍රිකාව2024 ලෝක කුසලාන 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව2024 ලෝක කුසලාන 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 27, 2024
බෙදාගන්න

ලෝක කුසලාන 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අවස්ථා 6 කදී 20-20 කාන්තා ලෝක ක්‍රිකට් කිරුළ දිනූ ඔස්ට්‍රේලියාව පරාජය කරමින්.

දකුණු අප්‍රිකාව මෙම ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි.

ඩුබායි හිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා.

ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ ග්‍රේස් හැරිස් සහ බෙත් මූනි. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුනු 7 ක්.

හැරිස් ලකුණු 3 කට පළමු කඩුල්ල ලෙසත්, ජෝර්ජියා වර්හැම් ලකුණු 5 කට දෙවැනි කඩුල්ල ලෙසත් දැවී ගියා. ටහිලා මැග්‍රාත් ලකුණු 27 යි. පන්දු 42 කදී ලකුණු 44 ක් රැස් කළ බෙත් මූනි දැවී ගියේ ඔස්ට්‍රේලියා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස.

එලීසා පෙරී ලකුණු 31 යි. ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා.

පිලිතුරු ලෙස දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කලේ ලවුරා වොල්වර්ට් සහ ටස්මින් බර්ට්ස්.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 25 ක සබධතාවක් ගොඩනැගුවා. බර්ට්ස් ලකුණු 15 යි.

අනතුරුව දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය වෙනුවෙන් සාර්තක පිතිහරඹයක නිතර වූ ලවුරා වොල්වර්ට් සහ අනෙකා බොස්ච් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබධතාව ලකුණු 96 ක්.

ලවුරා වොල්වර්ට් ලකුණු 42 කට දැවී ගියා.

දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ පන්දු වාර 17 යි පන්දු 2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 135 ක් රැස් කරමින්.

විශිෂ්ට පිතිහරඹයක නිතර වූ අනෙකා බොස්ච් පන්දු 48 කදී නොදැවී ලකුණු 74 ක් රැස් කළා.

20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකාව හමුවේ ඔස්ට්‍රේලියාව පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි.

ඔවුන් පසුගිය වසරේදී මෙම තරගාවලියේ අනුශුරතාව හිමි කර ගත්තා.

අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් තීරණය වන දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ නවසීලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර. එය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා

පෙර ලිපිය T20 World Cup නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි
Next Article ලෝක කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය හෙට (17) ආරම්භවනවා
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස් සහභාගීවන අවසන් තරගාවලියට සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?