ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
අද දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 229ක් ලබා සිටියා.
ලහිරු කුමාරගේ ඉනිම ලකුණු 2ට දැවීයාමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 257ට සීමා වුණා.
හුදකලා ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85යි.
ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 32ක් ව තිබියදී දවා ගැනීමට නිෂාන් පීරිස් සමත් වුණා. ඒ ට්‍රැවස් හෙඩ් ලකුණු 21ට දවාගැනීමෙන්.
ඉන් පසු ඔස්ට්‍රේලියානු දෙවන කඩුල්ල ලෙස මානස් ලැබුෂාන්ග් ලකුණු 4ට දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු පළමු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 85යි.
මේ වන විට ස්ටීව් ස්මිත් සමගින් උස්මාන් කවාජා කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 172ක් පිටුපසින් සිටිනවා.