ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති දෙවැනි 20 -20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේ ක්‍රයිස්චර්හිදි
පළමුවේ පන්දුවට පහර දුන් ශ්‍රීලංකාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 113ක් රැස් කළා. මනුදි නානායක්කාර ලකුණු 35ක් ලබා ගත් අතර චමරි අතපත්තු ලකුණු 23යි.
පන්දු යැවීමේදි බ්‍රි ලිංග් සහ ජෙස් කේර් කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා.
පිළිතුරු ලෙස නවසීලන්තය තරගය ජය ගත්තේ පන්දුවර 18 යි පන්දු 3 දී කඩුලු 3ක් දැවී ලකුණු 117ක් රැස් කරමින්. සුසි බේට්ස් ලකුණු 47ක් සහ බෲක් හෙළිඩේ ලකුණු 46ක් රැස් කළා.