ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි 20-20 ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට විකිණී අවසන් බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. තරගය ලබන ඉරිදා දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, අද පස්වරු 3.30 වන විට දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබූ ප්‍රවේශ පත්‍ර කවුලුව වසා දැමූ බවයි. ඒ අනුව, ඒ මොහොතේ සිට කිසිදු ප්‍රවේශ පත්‍රයක් අලෙවි නොකරන බව ද ඔවුන් නිවේදනය කරනවා.
හෙට සහ අනිද්දා දෙදින ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත නොපැමිණෙන ලෙසයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ.