ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
හරාරේ හිදී පැවැති තරගයේ කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක ශෝන් විලියම්ස්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුවට පන්දුවට පහර දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගන්නට සමත්වුණා.
පැතුම් නිස්සංක ලකුණු 76ක් රැස්කළ අතර ජනිත් ලියනගේ නොදෙවී ලකුණු 70 යි.
කමිදු මෙන්ඩිස් ලකුණු 57 ක් රැස් කලා.
ලකුණු 299ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 291ක් පමණයි.
තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ඩිල්ශාන් මදුශංක කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 11 වැනි අවස්ථාව මෙයයි.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන්
සික්කන්දර් රාසා ලකුණු අනූ දෙකක් රැස්කළා.
බෙන් කරන් ලකුණු හැත්තෑවක් රැස්කළ අතර නායක ශෝන් විලියම්සන් ලකුණු 57 යි.
පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු හතරක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු තුනක් දවා ගත්තා.
තරගයේ වීරයා ඩිල්ෂාන් මදුශංක.