ශ්‍රී ලංකාව සමග පැවති පළමු 20/20 ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගැනීමට පකිස්ථානය සමත් වුණා.
තරගය පැවැත්වුණේ රන්ගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර
19.2 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 128 ක් රැස්කළා.
ජනිත් ලියනගේ ලකුණු 40 යි.
පන්දු යැවීමේදී සල්මන් මිස්‍රා සහ අබ්‍රාර් අහමඩ් අතර කඩුලු තුන බැගින් බෙදී ගියා.
පිළිතුරු ලෙස පකිස්තාන ඉනිම ආරම්භ කළේ
සහිබ්සාඩා ෆර්හාන් සහ
සයිම් අයුබ්.
අයුබ් ලකුණු 24 ක් සහ ෆර්හාන් ලකුණු 51 ක් රැස්කළා.
පකිස්ථානය තරගය ජයගත්තේ පන්දුවාර 16යි පන්දු 4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 129 ක් රැස් කරමින්.
දෙරට අතර මීලග තරගය ලබන 9 වනදා පැවැත්වීමට නියමිතයි