ශ්‍රී ලංකා සමග පැවති තුන්වැනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 12 කින් ජයගැනීමට එංගලන්තය අද සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගාවලිය ජය ගත්තේ තරග 3- 0 ක් ලෙස
තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දු වාර 20 ඇතුලත කඩුලු 9 ක් දැවී ලකුණු 128 ක් රැස්කළා.
සෑම් කරන් ලකුණු 58 යි.
ජොස් බට්ලර් ලකුණු 25 ක් සහ ලියම් ඩෝසන් ලකුණු 14 ක් රැස්කළා.
සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු දහයේ සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දුවාර 4 කදී ලකුණු 24 කට කඩුලු 5ක් දවා ගත්තා.
මතිෂ පතිරණ කඩුලු 2 යි.
තරගය ජයගැනීම සඳහා ලකුණු 129 ඉලක්කයක් හඹා යම්න් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කමිල් මිශාර.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස කමිල් ලකුණු නොලබා දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 23 ක් රැස්කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 26 යි.
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.3 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණයි.
ජාකොබ් බෙතෙල් කඩුලු 4 ක් සහ විල් ජැක්ස් කඩුලු 3 ක් බිද හෙලුවා.
ඒ අනුව, ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 20/20 තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා