වයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය වටයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාව සමත් වුණා.
ඒ මූලික වටයේ තමන් සහභාගි වූ දෙවැනි තරගයෙන් අයර්ලන්තය පරාජය කරමින්.
තරගය නැමීබියාහිදී පැවැත්වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකාව පන්දුවාර 50 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 267ක් රැස්කළා.
නායක විමත් දින්සර ලකුණු 95 යි.
චාමික හීනටිගල නොදැවී ලකුණු 51 ක් රැස්කලා.
පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායමට
පන්දුවාර 40.1 කදී සියලු ක්රිඩකයින් දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු 161 ක් පමණයි.
ඒ අනුව ශ්රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 106 කින්.
පන්දු යැවීමේදී දුල්නිත් සිගේරා කඩුලු 4 ක් සහ රසිත් නිම්සර කඩුලු තුනක් දවා ගත්තා.