සිම්බාබ්වේ හා නැමීබියාවේ සත්කාරකත්වයෙන් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ට ආරම්භවීමට නියමිතයි.
මෙවර පැවැත්වීමට නියමිතවන්නේ 16වන 19න් පහළ ලෝක කුසලානය වන අතර ඉන්දියාව 5 වතාවක් ලෝක ශූරයන් වූ අතර ඕස්‍ට්‍රේලියාව 4 වතාවක් ශූරතාවය දිනා ඇත. පාකිස්තානය පිට පිට දෙවතාවක් 2004 දී 2006 දී ලෝක ශූරයන් වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා එංගලන්තය එක් වතාව බැගින් 19 පහළ ලෝක කුසලානය ජය ගෙන ඇත.
මෙවර තරගාවලියට කණ්ඩායම් 16ක් තරගවදින අතර මුල් වටයේදී කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 4ක් යටතේ තරගාවලිය පැවැත්වේ.
සිම්බාබ්වේ හා නැමීබියාවේ ක්‍රීඩාංගණ 5ක තරගාවලිය පැවැත්වෙන අතර අවසන් මහා තරගය අවසන් පූර්ව තරග සිම්බාබ්වේදී පැවැත්වේ. ඒ අනුව සිම්බාබ්වේදී තරග 25ක් හා නැමීබියාවේදී තරග 16ක් පැවැත්වේ.
අද ඇරඹෙන පළමු තරගය ඉන්දියාව හා ඇමරිකාව අතර පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය 17 වනදා ජපානය සමග පැවැත්වීමට නියමිතයි.