ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය පිළිබඳව සහ එයින් අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව ක්‍රීඩා සංගම් සහ සම්මේලන දැනුවත් කිරීම අද (06දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත් විය.
එහි දී 2028 ඔලිම්පික් පදක්කම් ඉලක්කය සහ ඉන් ඉදිරියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා විද්‍යාත්මක සහ ක්‍රීඩා තාක්ෂණික ක්‍රමවේද අනුව ඉහළ නැංවීම පිළිබඳව ක්‍රීඩා සංගම් දැනුවත් කිරීම සිදු විය.
ප්‍රධාන මූලධර්ම 12ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳවද දැනුවත් කළ අතර, දත්ත විශ්ලේෂණය කර වාර්තාවක් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබාගැනීමට සඳහා ක්‍රීඩා සංගම් වෙත නව ඩිජිටල් තොරතුරු පද්ධතියක් හඳුන්වා දීම ද සිදු කෙරුණි.
මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, ලෝකයේ විවිධ රටවල උසස් කාර්ය සාධන මධ්‍යස්ථාන අධ්‍යයනය කර, නවීන තාක්ෂණික ක්‍රමෝපායන් යටතේ ක්‍රීඩා පුහුණුවීම් සිදු කළ හැකි මධ්‍යස්ථානයක් ගොඩනැගීම අරමුණ බවයි. ඒ වෙනුවෙන් සිය ස්වේච්ඡා දායකත්වය ලබාදෙන සියලු දෙනාට ස්තුති කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා , උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය ගොඩනැගීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන කණ්ඩායම සහ ක්‍රීඩා සංගම්වල නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.