ඉරාන පාපන්දු කණ්ඩායමට මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සහභාගීවීමට අවසර නොදෙන බව, එරට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන ජුනි මස 11 වැනිදා ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඉරාන කණ්ඩායම එහි මූලික වටයේදී තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඔවුන් නවසීලන්තය සහ බෙල්ජියම සමග ජුනි මස 15 වැනිදා සහ 21 වැනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිදි තරග වැදීමට නියමිතව තිබෙනවා.
මූලික වටයේ අවසන් තරගයේදී ඔවුන් ඊජිප්තුව සමග තරග වදින්නේ ජුනි මස 26 වැනි දිනයි. කෙසේ වුවද පවතින යුද ගැටුම් හේතුවෙන් ඉරාන කණ්ඩායමට තරගාවලියට සහභාගීවීමට අවස්ථාව ලබානොදීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.