බදාදා, ජන. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් නායිකා ඇලීසා හීලි ජාත්‍යයන්තර පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 19, 2025
බෙදාගන්න

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පිරිමි අංශයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එහි කාන්තා ශූරතාව ජපාන කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අතර, පිරිමි ශූරතාව හිමි කර ගත්තේ හොංකොං කණඩායමයි.

තරගාවලිය දින දෙකක් පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී. මූලික වටයේදී සී කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උස්බෙකිස්තානය, සිංගප්පූරුව සහ චීනය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයේදී ආසියාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායම වන ජපාන කණ්ඩායම සමග තරග වැදුනා.

එහිදී තියුණු තරගයකින් පසු ලකුණු 15 ට 12 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තුන්වැනි ස්ථානය සඳහා තරග වැදුනේ චීන කණ්ඩායම සමගයි.

එහි පළමු අර්ධය නිමා වන විට ලකුණු 7 ට 7 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසු වුණා. දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 12 ක් රැස් කළ අතර, චීන කණ්ඩායම ලකුණු 7 ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 19 ට 14 ක් ලෙස තරගය ජයගත් ශ්‍රී ලංකා කණඩායමට තරගාවලියේ තුන්වැනි ස්ථානය හිමි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු රැස් කළේ, ගෝල දිනුම් දෙකක් සහ උත්සහක දිණුමකින්.

පෙර ලිපිය ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
Next Article ඉන්දියාව පැරදූ එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
Sponsored

You Might Also Like

රග්බි

රග්බි තරගාවලියේ අවසන් තරගයට මහ නුවර ත්‍රිත්ව විදුහල

කියවීමට මිනිත්තු 0 යි
Sri Lanka Rugby
රග්බි

ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

50ට 10ක් ලෙස නවසීලන්තය රග්බි තරගය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?