ක්‍රීඩා අමාත්‍යාංශය සතු කිලිනොච්චි, උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඊයේ (02) ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී විය.
එළිමහන් ක්‍රීඩාංගණය, ගෘහස්ථ ක්‍රීඩාංගණය, ශරීර සුවතා මධ්‍යස්ථානය සහ පිහිනුම් තටාකය යන ස්ථාන මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
2017 දී වැඩ අවසන් කළත් ප්‍රමිතියේ ඇති ගැටලු නිසා ඉතා කෙටි කාලයක් තුළ ක්‍රීඩා සංකීර්ණය නිසි ලෙස භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව නිරීක්ෂණ කළ ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, උතුරු පළාතේ සියලු ම දිස්ත්‍රික්ක වල දරු දැරියන් වෙනුවෙන් ක්‍රීඩා සංකීර්ණය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව පැවසුවේය.
මෙම අවස්ථාවට, ක්‍රීඩා සංකීර්ණයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන අංශයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසී ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දෙමාපියන් ඇතුලු පිරිසක් ද එක් විය.