සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 14, 2025
Sports Ministry
බෙදාගන්න

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ඇති ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් අද (14) දින සිදු කරන ලදි.

 ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස, ප්‍රියන්ත ඒකනායක පත් කරන ලදී. ඔහු රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස ද  නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර ඇත.

 ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සාමාජිකයින් ද මෙම අවස්ථාවේදී පත් කරන ලදී. එම සාමාජිකයින් ලෙස,

සමන්තා නානායක්කාර – කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්යවරියක් සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥවරියක් වන අතර ලංකාවේ පළමු ක්‍රීඩා මහචාර්යවරිය වන්නේද ඇයයි. ඇය විශ්වවිද්‍යාල මට්ටම දක්වා බාස්කට්බෝල් ක්‍රීඩිකාවක්ද වේ.

 රුක්මන් වෑකඩපොළ –  ජාත්‍යන්තර බොක්සින් සංගමයේ උපදේශකයෙකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙක්  ද වන ඔහු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් සහ ක්‍රිඩා ගුරුවරයෙක් වශයෙන් ද සේවයෙහි නිරත වෙයි.

සිදත් වෙත්තමුනි – 1982 – 1987 දක්වා ආරම්භක පිතිකරුවෙක් ලෙස ද , ටෙස්ට් ක්‍රිකට් සහ එක් දින ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සහභාගී වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේ.

 චානක ජයමහ – ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක් ලෙස දැනට අධිකරණ කටයුතු වල නියැලෙන අතර Colombo  Dockyard PLC හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර ඇත.

 රොහාන් අබේකෝන් – ශ්‍රී ලංකා  රග්බි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කටයුතු වල නියැලී ඇති අතර ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇත. රග්බි 7 වන කණ්ඩායමේ (7s)  නායකත්වය දැරූ අයෙක් වේ.

 නිරෝෂන් විජේකෝන් – බැට්මිටන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සදහා සහභාගී වූ පළමු බැට්මිටන් ක්‍රීඩකයා ද වේ. (1983- 1987 , 1989- 1992) ශ්‍රී ලංකා බැට්මිටන් ශූරතාවලියේ කේවල ශූරතාවය හිමිකර ගෙන ඇත. ජාතික තේරීම් කමිටු සභාපති සහ ජාතික පුහුණුකරුවෙක් වශයෙන්ද කටයුතු කර ඇත.

මුරාද් ඉස්මයිල් – ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය, ඇතුළුව සම්මේලන ගණනාවකට සම්බන්ධව කටයුතු කර ඇත. ගොල්ෆ් තේරීම් කමිටුවෙහි හිටපු සාමාජිකයෙක් ලෙසත්, මේස පන්දු සංගමයේ හිටපු ලේකම් ලෙසත් කටයුතු කර ඇත. 

රොෂාන් මහනාම – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර 1996 ක්‍රිකට් ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වේ. ටෙස්ට් තරඟ ඉතිහාසයේ දිවා රාත්‍රී තරඟ තීරකයෙකු වශයෙන් පෙනී සිටි පළමු පුද්ගලයා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ තාක්ෂණික උපදේශක කමිටු මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තරඟ තීරකයෙක් ද වේ. 

සී. රත්නමුදලි – මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන අතර විශ්ව විද්‍යාල මට්ටමේ ක්‍රීඩා සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත. වොලිබෝල් ජාතික සම්මේලනයේ කටයුතු කරන ලද ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සම්බන්ධ අධ්‍යයන කටයුතුවල නිරත වූ අයෙක් ද වේ.

ශ්‍රියානි කුලවංස – ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමත්, ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමත් දිනාගන්නා ලදී. 1989 සිට 2004 දක්වා ජාත්‍යන්තර ක්‍රීඩා හැත්තෑවකට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇත. තවමත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බාධක ඉසව්වේ වාර්තාවටද ඇය හිමිකම් කියයි.

මලික් ජේ. ප්‍රනාන්දු – ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

 ශානිත ප්‍රනාන්දු –  හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර CR & FC රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වසර 12 කට වැඩි කාලයක් විවිධ දස්කම් දැක්වූ අයෙකු වේ.1994 දී කණ්ඩායමේ නායකත්වය දැරූ අතර 1994 සිට 1998 දක්වා රග්බි ජාතික කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. CR & FC රග්බි සමාජයේ හිටපු උප සභාපතිවරයා ද විය.

ජාතික ක්‍රීඩා සභාවේ පත් කිරීම් අද (14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතින් මෙම පත්වීමේ ලිපි බාරදීම සිදු විය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද සහභාගී විය.

පෙර ලිපිය Sri Lanka celebrates ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව දණගස්වයි
Next Article New Zealand තුන්කොන් සටනේ ජය නවසීලන්තයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

සමස්ත ලංකා දැල්පන්දු තරගාවලිය ජනවාරි 31 වෙනිදා සිට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රුමේෂ් තරංගට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය පිළිබඳ සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවට ආසියානු යොවුන් ක්‍රීඩා උළලේදී මේ වනවිට සමස්ත පදක්කම් 4ක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?