හෙල්ල විසි කිරීමේ ජාතික ශුර රුමේෂ් තරංග එම ඉසව්වේ ජාතික වාර්තාව යළිත් අලුත් කර තිබෙනවා. ඒ දියගම ක්‍රීඩාංගණයේ අද පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදී.
රුමේෂ් තරංග අද දැක්වූ දක්ෂතාව මීටර 89.37 ක්.
මේ වන විට ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව මෙම ඉසව්වේ 7 වැනි ස්ථානය රුමේෂ් තරංග ය හිමියි.
මීට හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව මීටර 86 යි දශම 50 ක් ලෙස ඔහු විසින්ම පිහිටුවා තිබුණා.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී රුමේෂ් තරංග ඔස්ට්‍රේලියාවේ පැවැති තරගාවලියකදී මීටර 83.07 ක දක්ෂත්වක් දක්වා තිබුණා.