ඉරිදා, දෙසැ. 28, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සිව්වන අළු බඳුන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    යොවුන් ඉන්දීය පිතිකරු සූර්‍යවංශිට ඉන්දීය රජයෙන් ඉහළම සම්මානයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 8, 2025
බෙදාගන්න

MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය දක්වා මෙරට මලල ක්‍රීඩාවේ නිල ඇඟලුම් සහායක ලෙස Bodyline, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සමග එක්ව කටයුතු කරනු ඇත.

මෙහිදී Bodyline හි ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා විසින් අලුතින් නිර්මාණය කරන ලද මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත පිරිනමන ලද අතර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ගරු සුගත් තිලකරත්න මහතා ද එම අවස්ථාවට එක්විය. MAS විසින් උසස් තාක්ෂණය භාවිත කරමින් ඉහළ කාර්‍යසාධනයක් සහිතව නිර්මාණය කර තිබෙන මෙම ඇඟලුම් කට්ටල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යයන්තර තරගවලදී ක්‍රීඩා කරන විට ඔවුන්ට සහාය වීම සඳහා නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකේය උරුමයක් වන උඩරට නර්තන සම්ප්‍රදායේ චම්ත්කාරය සමග මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය එක්තැන් කළ සුවිශේෂී නිර්මානයක් ලෙස මෙම ඇඟලුම් කට්ටලය සඳහන් කළ හැකිය. එම නර්තනය තුළ දැකිය හැකි ප්‍රබල චලනයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය එකට එක් වීම තුළින් නිරූපණය කරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ශක්තිය හා අභිමානය යි.

මේ වසරේදී ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම අලුතින් නිර්මාණය කරන ලද මෙම ඇඟලුම් කට්ටල පැළඳ ජාත්‍යයන්තර තරගාවලි රැසකට ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අතර 6 වන කණිෂ්ඨ (18න් පහළ) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය, ලෝක සහය දිවීමේ ශූරතාවලිය, ආසියානු විසිකිරීමේ ශූරතාවලිය, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය වේ.

පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 45 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමයි
Next Article KKR vs LSG දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය KKR කණ්ඩායමට ලකුණු 4ක පරාජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් ජය මධ්‍යම පළාතට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.

කියවීමට මිනිත්තු 3 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හිරුකි ද සිල්වා ගෙන් නව මිශ්‍රආර පිහිනුම් ජාතික වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?