ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ සහභාගී වූ දෙවන තරගයත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ඉන්දීය කණ්ඩායම ලකුණු 24ට 5ක් ලෙසින් පරාජයට පත් කරමින්.
ශ්‍රී ලංකාව වෙනුවන් කලිඳු සිල්වා, ඉසුරු විතානගේ, ගයාන් පෙරේරා සහ ජනිත් මාරසිංහ උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.