බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාවට එරෙහිව නවසීලන්තයට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහිව නවසීලන්තයට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

By Pradeep Gurusinghe
Published: ජනවාරි 19, 2026
©BCCI
බෙදාගන්න

ඉන්දියාව හා නවසීලන්තය අතර එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ ඊයේ පැවති තුන්වන එක්දින තරගය නවසීලන්ත ලකුණු 41කින් ජයගැනීමෙනි. මේ නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවේදී ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙස වාර්තා වුණා.

පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ ඉන්දෝර් ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා තීරනය කළේ පලමුවෙන් පන්දු රැකීමටයි. ඒ ලබාදෙන ඕනෑම ඉලක්කයක් හඹායෑමේ අදහසිනුයි.

ඒ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර කළ නවසීලන්ත කණ්ඩායම සිය ඉනිමට කඩුලු 8ට ලකුණු 337ක් ලබාගැනීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 58කට දැවී ගිය පසු පිටියට පිවිසි ග්ලෙන් ෆිලිප්ස් ඩැරල් මිචෙල් සමග සිව්වන කඩුල්ලට ලකුණු 219ක සබදතාවයක් ගොඩනැගීමට සමත් වුණා.

සිය 8වන ශතකය හා මේ තරගාවලියේ පිට පිට ලබාගත් දෙවන ශතකය වාර්තා කරමින් ඩැරල් මිචෙල් පන්දු 133ට ලකුණු 137ක් ලබාගත් අතර ග්ලෙන් ෆිලිප්ස් සිය දෙවන එක්දින ශතකය ලබාගනිමින් පන්දු 88ට ලකුණු 106ක් ලබාගත්තා.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් අර්ශ්දීප් සිං ලකුණු 63ට කඩුලු 3ක් හා දැඩි ප්‍රහාරයකට ලක් වූවද හර්ෂිත් රානා ලකුණු 84ට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 71ට දැවීගියා. ඉන්පසු හර්දික් පාණ්ඩියා හා අක්සාර් පටෙල්ගේ අඩුව පිරවීම සඳහා කණ්ඩායමට එකතු වූ නවක ක්‍රීඩක නිතිෂ් කුමාර් රෙඩ්ඩි දැවැන්ත පිතිකරු විරාත් කෝලි සමග එක්ව පස්වන කඩුල්ලට ලකුණු 88ක සබදතාවයක් ගොඩනැගීමට සමත්වුණා.

ඉන්පසු පිටියට පිවිසි රවීන්ද්‍ර ජඩේජා ද ඉක්මනින් දැවී ගිය පසු කෝලි එක් අන්තයක හුදකලා වෙමින් සිටියදී වේග පන්දු යවන ක්‍රීඩක හර්ශිත් රානා සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 43කින් ලකුණු 52ක් ලබාගත්තා. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට නැවතත් තරගය ගැන බලාපොරොත්තු එක් කරමින් 7ත් වන කඩුල්ලට ලකුණු 99ක සබදතාවයක් ගොඩනැගීමට කෝලි සමග හර්ශිත් රානා සමත් වුණා.

කේසේ නමුත් රානා ගේ දැවී යාමෙන් පසුව හුදකලා ඉනිමක් දියත් කළ විරාත් කෝලි 9වන කඩුල්ල ලෙස ලකුණු 124ට දැවී ගියා. විරාත් කෝලි මේ ලබාගත්තේ සිය එක්දින තරග දිවියේ 54වන ශතකයයි. එසේම ඔහු හඹායන ඉනිම් වලදී ලබාගත් 29වන ශතකය වූ අතර ඔහු ශතකයක් ලබා හඹාගිය තරග වලින් පරාජයට පත් වූ 5ස් වන තරගයද මෙය ලෙස වාර්තා වුණා.

මේ අනුව නවසීලන්තය, පසුගිය ටෙස්ට් තරගාවලිය ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජය වූ අතර මේ ඉන්දියාවේ දී නවසීලන්තය ලැබූ පළමු එක්දින තරගාවලි ජයයි.

2-1ක් ලෙස නවසීලන්තය ජයගත් මෙම එක්දින තරගාවලියේ හා අවසන් තරගයේ වීරයා ලෙස පිට පිට ශතක දෙකක් වාර්තා කළ ඩැරල් මිචෙල් හට හිමි වුණා.

පෙර ලිපිය 19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් ලකුණු 203ක ජයක්
Next Article එළඹෙන සීමිත ඕවර තරගාවලිය සඳහා එංගලන්තය අද දිවයිනට
Sponsored

You Might Also Like

Australia wins
ක්‍රිකට්

දෙවන ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහි පලමු T20 තරග‍යෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි -20 තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරගය අද කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?