2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ස්කොට්ලන්ත කණ්ඩායමේ ජෝර්ජ් මන්සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් අවවාද කර තිබෙනවා.
ඒ, නේපාලය සමග පැවැති තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම රීති උල්ලංඝනය වන ලෙස හැසිරීම හේතුවෙන්.
ඔහු එම තරගයේ දැවී යාමෙන් අනතුරුව තම හිස්වැසුම වෙළඳ දැන්වීම් පුවරුවක් මතට විසි කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
ඒ අනුව, ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම් සහ උපාංග අනිසි ලෙස භාවිතා කිරීම මන්සිට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.