ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රයන් වෑන් නීකර්ක් හා දඟ පන්දු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජෝර්ඩන් ග්‍රෙගරි පත්කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍යය නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.
වේගපන්දු පුහුණුකරු ලෙස පත්කළ රයන් වෑන් නීකර්ක් 2023 සිට 2026 දක්වා නෙදර්ලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු හා වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කොට තිබෙනවා.
වේගපන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම මෙන්ම අනෙකුත් ජාතික තලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සඳහා ඔහුගේ සේවය ලබාගැනීමට නියමිතයි.
2026 අප්‍රේල් 15 වන දින සිට වසර දෙකක කාලයක් දක්වා මෙම පත්කිරීම සිදු කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා ඇත.
එසේම නෙදර්ලන්ත කණ්ඩායමේ පන්දුරැකීමේ උපදේශක ලෙස කටයුතු කළ ජෝර්ඩන් ග්‍රෙගරි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟපන්දු යැවීමේ හා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කොට තිබෙනවා.
ජෝර්ඩන් ග්‍රෙගරි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අමතරව අනෙකුත් ජාතික මට්ටමේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් වලට හා නැෂනල් හයිපෆෝමන්ස් මධ්‍යස්ථනයට ද සේවය සැපයීමට සූදානම්.
ජෝර්ඩන් ග්‍රෙගරිගේ පත්වීමද 2015 අප්‍රේල් 15 වනදා සිට වසර දෙකක් දක්වා වලංගු වේ.