ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පලමු තරගය ඉනිමකින් හා ලකුණු 217කින් ජයගැනීමට කොදෙව් කන්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රි ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකාව පලමු ඉනිමට ලකුණු 308ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ධනඞජය සිල්වා ලකුණු 120ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබාගත්තා. කොදෙව් කන්ඩායම වෙනුවෙන් ජස්ටින් ග්‍රීව්ස් කඩුලු 3ක් ලබාගත්තා.
කොදෙව් කණ්ඩායම පලමු ඉනිම සඳහා කඩුලු 9ට ලකුණු 626ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා. කොදෙව් ඉනිම ප්‍රභල ස්ථානයකට රැගෙන එමින් අමීර් ජන්ගෝ ලකුණු 233ක් හා රොස්ටන් චේස් ලකුණු 194ක් ලබාගත්තා. ඔවුන් දෙදෙනා විසින් 6 වන කඩුල්ලට ලකුණු 401ක සබඳතාවයක් ගොඩනැගුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 5ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු හා සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.
දෙවනි සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කන්ඩායමේ සියලු කඩුලු ලකුනු 108ට දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. කෙමාර් රෝච් සිය ටෙස්ට් දිවියේ කඩුලු 300 සීමාව පසුකරමින් කඩුලු 4ක් දවාගත් අතර ජේඩ්න් සීල්ස් කඩුලු 3ක් දවාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කන්ඩායම පළමු ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 217කින් පරාජයට පත් වුණා.
මීලඟ තරගය ලබන 3 වෙනිදා ආරම්භවීමට නියමිතයි.