ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් ලේඛනයේ පෙරමුණට පැමිණ තිබෙනවා.
ඒ මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඔහු ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.
ඒ මීටර 89යි දශම 7යි 5ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්.
රුමේෂ්ට මේ වන විට ශ්‍රේණිගතකිරීම් ලකුණු 1354ක් හිමියි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීම ඉසව්වේ ලෝක ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
මීට පෙර එම ලේඛනයේ පෙරමුණේ රැඳී සිටි ජර්මනියේ ජූලියන් වෙබර්ට හිමිව තිබෙන්නේ 2 වැනි ස්ථානයයි.